කොරෝනා සුරාබදු දෙපාර්තමේන්තුව වටලයි; 90%ක් වසා දමයි

කොවිඩ් ආසාදිතයන් 21 දෙනකු හමුවීම නිසා සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ අංශ දහයක් වසා දමා ඇතැයි සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම)කපිල කුමාරසිංහ මහතා කියයි.

මූලස්ථානයේ අංශවලින් සියයට අනුවක් පමණ මේ අනුව වසා දමා ඇතැයිද හෙතෙම කියා සිටී.

සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ මෙහෙයුම් අංශය, පර්යේෂණ අංශය, විගණන අංශය, ආයතන අංශය, ගිණුම් අංශය, පරිගණක අංශය, නීති අංශය ඇතුළු අංශ දහයක් මෙසේ වසා දමා තිබේ.

මෙයට අමතරව කොවිඩ් අවදානම හේතුවෙන් සුරාබදු මත්ද්‍රව්‍ය කාර්යාංශයද රටපුරා සුරාබදු ස්ථාන කිහිපයක්ද වසා දමා ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කොවිඩ් ආසාදනයවීමෙන් සුරාබදු නිලධාරියකු මියගොස් ඇතැයිද සුරාබදු කොමසාරිස්වරයා සඳහන් කළේය.

කොවිඩ් අවදානම මධ්‍යයේ සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ අංශ කිහිපයක කටයුතු අවම නිලධාරීන් සංඛ්‍යාවක් කැඳවා කරගෙන යන බවද මේ අතර කපිල කුමාරසිංහ මහතා කියා සිටී.

Leave a Reply

#Tags; gossip la, gossip lanka, lanka gossip, gossip hiru, hiru gossip, gossip lanka news, lanka gossip news, gossip, gossip lanka hot news, gossip lankahotnews, gossip c lanka, gossip lanka c, hiru gossip lanka, gossip c, gossip lanka c news