පොහොට්ටු මන්ත්‍රී කෙනෙක් ස්පාඥයේ බැඩ්මින්ටන් ගහන්න යයි

ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති හා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා ලෝක ප්‍රවීණයන්ගේ බැඞ්මින්ටන් ශූරතා තරගාවලියට තේරීපත්වී ඇත.

මෙම තරගාවලිය ස්පාඤ්ඤයේ සෙවිල් (Seville) නගරයේදී මේ මස 25 වැනි දින සිට ලබන මස 05 වැනි දින දක්වා පැවැත්වේ.

සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයා කඩවත මහා බෝධි විද්‍යාලයේ හා කඩවත මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර විද්‍යාලයීය ශිෂ්‍ය නායක, ක්‍රීඩා නායක හා ශිෂ්‍ය භට කණ්ඩායම් නියෝජනය කර ඇත.

තවද 2019 ගම්පහ දිස්ත්‍රික් බැඞ්මින්ටන් තරගාවලියේ ශූරතාවයත්, අවුරුදු 40 ට වැඩි ඉසව්වෙන් ගම්පහ දිස්ත්‍රික් ශූරතාවයත් අනුරාධපුර පැවැති සමස්ත ලංකා බැඞ්මින්ටන් තරගාවලියේ අනුශූරතාවයත්, 2021 නුවරඑළියේ පැවැති සමස්ත ලංකා තරගාවලියේ ශූරතාවයත්, 2021 බස්නාහිර පළාත් සමස්ත ලංකා බැඞ්මින්ටන් අවසන් තරගාවලියේ යුගල අවසන් වටයෙන් කණ්ඩායමේ ක්‍රීඩකයකුගේ පාදයක සිදුවූ ආබාධයක් නිසා තරග කිරීමට නොහැකි වීමෙන් තරග නොකර අනුශූරතාවයත් හිමිකරගෙන ඇත.

මීට අමතරව 2018, 2019 වර්ෂවල සමස්ත ලංකා එල්ලේ සම්මේලනයේ සභාපති වශයෙන්ද කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක බැඞ්මින්ටන් තරගාවලියකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහභාගී වන ප්‍රථම අවස්ථාව මෙයයි.

Leave a Reply

#Tags; gossip la, gossip lanka, lanka gossip, gossip hiru, hiru gossip, gossip lanka news, lanka gossip news, gossip, gossip lanka hot news, gossip lankahotnews, gossip c lanka, gossip lanka c, hiru gossip lanka, gossip c, gossip lanka c news